ගොඩනැගෙන දසුන්..!

ගොඩනැගෙන දසුන්..!

June 25, 2016  

Bookmark and Share
මොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මහවැලි අධිකාරිය කොළඹ සිට මාධ්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට යවන ලදී.මහවැලි නිලධාරීන් මෙහි ඉදිකිරීම් වල වර්තමාන තත්ත්වය පෙන්වා දී ඇති අතර මේ දිනවල ජලාශ ඉදිකිරීම් වල අවසන් අදියර දැකබලා ගැනීමට පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක්ද එහි පැමිණෙමින් සිටිති.මෙහිදී නැවත පදිංචි කරුවන්ට මහවැලිය මගින් ලබාදී ඇති පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම් සිදු වුවද ප්‍රදේශවාසීන් කීවේ ලැබුනු වන්දි මුදල් වලින් නව නිවාස තනාගෙන ඇති බවයි.එහෙත් තමන්ට පොදු ප්‍රවාහන පහසුකම් අවැසි බවයි.මේ අතර එහි නැවත පදිංචි වැසියෝ දින හතරක සිට උපවාසයක් සිදුකරමින් සිටියි.ඔවුන් කිවේ මහවැලියේ ඉහළ නිලධාරින් රජය ලබාදෙන සහන ජනතාවට ලබානොදී මාධ්‍යවේදීන් ගෙන්වා රටට බොරු ප්‍රචාර ලබාදෙන බවයි.ඒ නිසා එතනට පැමිණි මාධ්‍ය කණ්ඩායමටද ඉන් පිටත්ව යන ලෙස ගම්මුන් විරෝධතා එල්ල කර ඇති අතර ගඩොල් කර්මාන්තයෙන් ජීවත්වූ තමන්ට ,ගොවිතැනින් ජීවත්වූ තමන්ට මේ වනවිට ඊට අදාළ වන්දි හෝ රැකියා නොලැබීම නිසා අසරණවී සිටින බව ඔවුන් පෙන්වා දී තිබේ.

ඡායාරූ-කාංචන ආරියදාස