චීනයෙන් කෝටි 21ක්....

චීනයෙන් කෝටි 21ක්....

May 27, 2016  

Bookmark and Share
ගංවතුර හා නායයාම්වලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා රටවල් කිහිපයකින්ම මූල්‍යමය ද්‍රව්‍යමය ආධාර ලැබෙමින් තිබියදී චීනය ද අමෙරිකානු ඩොලර් 15 ලක්ෂයක්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 21ක් පමණ හදිසි මානුෂීය ආධාරයක් ලෙස මෙරටට පිරිනැමීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ චීන තානාපති යී සියැන්ලියන්ග් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමුවී මෙම ආපදාවෙන් විපතට පත් ජනයාට සමස්ත චීන රජයේ හා ජනතාවගේ කනගාටුව පළකරන බව පවසා ඇත. විපතට පත්වූ ජනතාවගේ නිවාස යළි ගොඩනැඟීම ඇතුළු කටයුතු කඩිනමින් අවසන් කිරීමට ශ්‍රී ලංකා ජනපති හා අගමැතිගේ නායකත්වයෙන් යුත් රජයට හැකිවනු ඇතැයි ද ඒ මහතා එම හමුවේදී විශ්වාසය පළ කර ඇත. පසුගියදා අමෙරිකානු තානාපතිවරයා ද මෙම විපතට මුහුණදුන් ජනතාවගේ අවශ්‍යතා සඳහා අමෙරිකානු ඩොලර් 50,000 ශ්‍රී ලංකා මුදලින් මිලියන 7.2ක් පමණ හදිසි මානූෂීය ආධාරයක් ලෙස පිරිනැමීය.