අපරාධකරුවන් හඳුනාගන්න අලුත් ක්‍රමයක් එයි

අපරාධකරුවන් හඳුනාගන්න අලුත් ක්‍රමයක් එයි

February 23, 2014   02:05 pm

අපරාධවලට සම්බන්ධ වන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි.

මෙම ස්වයංක‍්‍රීය ඇඟිලි සලකුණු ක්‍රමවේදය මේ සතියේදී හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

නව ක්‍රමවේදයෙන් මෙතෙක් දින 14 ක් ගත වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තා ලබා ගැනීම විනාඩි 3 න් සිදුකළ හැකි බවද ඔහු කීවේය.