අඟුලානේ ගම්වාසීන් සහ පොලීසිය අතර ගැටුමක්

අඟුලානේ ගම්වාසීන් සහ පොලීසිය අතර ගැටුමක්

December 25, 2013   02:24 pm

මොරටුව - අඟුලාන ප්‍රදේශයේ පොලීසිය සහ ගම්වාසීන් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(25) උදෑසන අඟුලාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි නිවාස පෙළක වැටලීමකට ගිය පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසින් අතර බහින් බස් වීමක් සිදු වුණි.

පසුව මෙය ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත් අනතුරුව අතිරේක පොලිස් නිලධාරින් යොදා තත්ත්වය පාලනය කළ බව අඟුලාන පොලිස් නිලධාරින් සඳහන් කළේය.

සිද්ධිය සමතයකට පත් කිරීමෙන් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කොට තිබේ.

එහිදි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

එමෙන්ම තවත් පුද්ගලයින් පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අඟුලාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.