මෝදර පස්කන්දකට කම්කරුවන් යටවෙයි

මෝදර පස්කන්දකට කම්කරුවන් යටවෙයි

September 30, 2013   12:53 pm

මෝදර අලුත්මාවත ප්‍රදේශයේ එළිහවුස් ජලාශයේ අලුතින් ඉදිකරන කාණු පද්ධතියක සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් පස් කන්දකට යටවී තිබේ.

අදාළ ස්ථානයේ කම්කරුවන් 3ක් හෝ 4ක් සේවය කරමින් සිටි බව සඳහන් වේ.

පස් කන්දට යටවූ පිරිස මුදා ගැනීම සඳහා මේවන විට අදාළ ස්ථා‍නයේ පස් ඉවත් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් බේරා ගැනීම සඳහා පොලීසිය, ජීවිතාරක්ෂක ඒකකය සහ ගිනි නිවන හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ලැබුණු නවතම වාර්තාවල සඳහන්ව ඇත්තේ අනතුරට ලක්වුවන්ගෙන් එක් අයෙකු බේරාගෙන ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.