කතුන් රට යැවීම එකවර නවතන්න බෑ

කතුන් රට යැවීම එකවර නවතන්න බෑ

August 25, 2013   10:16 am

ගෘහ සේවය සඳහා කාන්තාවන් විදේශගතවීම වැළැක්වීම එකවර නවතා දැමීමේ හැකියාවක් නොමැති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

කාන්තාවන් විදේශ ගතවීම වැළැක්වුවහොත් ඔවුන්ට බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

මව්වරුන් විදේශ ගතවන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු කටයුතු සඳහා බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කියයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.