යතුරු පැදිකරුගේ මරුවා කොට්ටම්බා ගහෙන් එයි

යතුරු පැදිකරුගේ මරුවා කොට්ටම්බා ගහෙන් එයි

August 25, 2013   10:00 am

ගසක් ඇඟ මතට කඩා වැටීමෙන් යතුරු පැදියක ගමන් කළ පුද්ගලයෙකු තිස්සමහාරාම , බෙරලිහෙල ප්‍රදේශයේදී මියගොස් තිබේ.

මාර්ගය ආසන්නයේ තිබූ කොට්ටම්බා ගසක් කපමින් සිටියදී ඒ අසලින් ගමන් කළ යතුරු පැදිකරුවෙකු මතට ගස කඩා වැටීමෙන් ඊයේ දහවල් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වන බෙරලිහෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.