දළදා පෙරහැර නිම වූ වගයි......
August 31, 2015
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජණීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා නොකඩවා සෑම වසරකම පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ඊයේ(30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබීය.
පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුථ සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබුවේය.
අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත බාර දුන්නේය.
සාම්ප්‍රදායානුකූලව පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත තිලිණ හා සම්මාන ප්රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.