අඟුලානේ ද්විත්ව ඝාතනය- මරණ දඬුවම් නියම වූවන්ගේ අභියාචනය සලකා බැලේ

අඟුලානේ ද්විත්ව ඝාතනය- මරණ දඬුවම් නියම වූවන්ගේ අභියාචනය සලකා බැලේ

August 5, 2013   05:18 pm

අඟුලාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනා ඉදිරිපත් කර ඇති අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලන ලදී.

අභියාචනය විභාගයට ගැනුණේ ශිරාණි තිලකවර්ධන, චන්ද්‍රා ඒකනායක, සත්‍යා හෙට්ටිගේ, ප්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.

විත්තිකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රකාශ කළේ මහාධිකරණය විසින් නිසි සාක්ෂි විභාගයෙන් තොරව තීන්දුව ලබා දී ඇති බවයි.

එම අභියාචනය තවදුරටත් විභාගය හෙටට කල් දැමුණි.