හෙට උ.පෙළ ඇරඹෙයි

හෙට උ.පෙළ ඇරඹෙයි

August 4, 2013   09:16 am

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙයි.

විභාගය සඳහා පාසල් සිසුන් දෙලක්ෂ 35,318ක් සහ පෞද්ගලික අයඳුම්කරුවන් 45,240 දෙනෙක් පෙනී සිටීමට නියමිතය.

පැරණි විෂය නිර්දේශය යටතේ ද සිසුන් 12,146 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මධ්‍යස්ථාන 2164 කදී විභාගය පැවැත්වෙයි.

මේ අතර විභාගය පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව විභාගයට බාධා වන අයුරින් ප්‍රචාරක කටයුතු සිදුකිරීම වැළැක්වීම සඳහා පොලීසියට උපදෙස් ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.