ඒකෙන් මගේ මානව හිමිකම් කඩවුණා..

ඒකෙන් මගේ මානව හිමිකම් කඩවුණා..

August 3, 2015  

Bookmark and Share
සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි මහතා ඉකුත් 30 වන දින හලාවත රෝහලේදී අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද (03) දින මානව හිමිකම් කොමිසම වෙත HRC 2753/15 අංක යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. අනවසරයෙන් රෝහලට ඇතුළු වී නීති විරෝධී ඡන්ද රැස්වීමක් පවත්වන බවට හා පත්‍රිකා බෙදාහැරිය බවට චෝදනා කරමින් හෙතෙම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිවේදනය කර තිබිණි. එසේ වුවද සමන්ත කෝරලේආරච්චි මහතා රෝහලට ඇතුළු වූයේ රෝහල් අධ්‍යක්‍ෂකවරයාගේ අවසරය මත බවත්, කිසිදු මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදාහැරීමක් සිදුනොකළ බවත් පවසන ඔහු මෙම අත්අඩංගුවට ගැනීම නිසා ඔහුගේ මානව හිකම් කඩවූ බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙලෙස කොමසම වෙත පැමිණිලි කිරීම සිදුවිය.