වීඩියෝ: දෙරණ ලිට්ල් ස්ටාර් අවසන් මහා තරඟය

වීඩියෝ: දෙරණ ලිට්ල් ස්ටාර් අවසන් මහා තරඟය

July 5, 2015  

Bookmark and Share
දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් සෙවන් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. ඊයේ රාත්‍රී පැවති දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් සෙවන් අවසන් මහා තරගය ළමුන්ගේ සිත් සතන් විචිත්‍රවත් කරන නිර්මාණකරණයන්ගෙන් සමන්විත විය.

ශ්‍රී ලාංකේය රූපවාහිනි මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම රියලිටි වැඩසටහන ලෙස ජනතා අභිෂේක ලැබූ මෙම වැඩසටහන සඳහා නන්දෙසින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර මෙය රටපුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්ව තිබේ.

දිවයිනේ දක්ෂතම දරු දැරියන් කුසලතා කිරා මැන බැලීමෙන් පසු ඔවුන්ගෙන් තෝරාගත් දක්ෂතමයන් අතරින් අංශ කිහිපයක් යටතේ විශිෂ්ටයින් ඊයේ රාත්‍රී අභිෂේක ලැබුණි.

ඒ අනුව වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස දුලාන්යා සයුන්දි තේරී පත්වුණු අතර එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව වුයේ බිනුලි මෙතුලිමා දැරියයි. ශාරද අචින්ත වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ ජනප්‍රියම පුංචි තරුව ලෙස කිරුළ දිනාගත්‍ තේය. එම වයස් කාණ්ඩයේ ජනප්‍රියම නර්තන තාරකාව වුයේ මෙතින් ජයසූරිය යි.

සශ්‍රිකා සේමිණි වයස අවුරුදු 8න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව බවට පත්වු අතර නර්තන අංශයේ දක්ෂතම පුංචි තරුව බවට ටාෂියා මිනිදුලි පත්වුණි. වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ පුංචි තරුව ලෙස අභිෂේක ලැබුවේ හේෂාන් සත්සර යි. බුද්ධිනි තරුෂා වයස අවුරුදු 12න් පහළ නර්තන අංශයේ දක්ෂතම පුංචි තරුව ලෙස කිරුළ දිනාගත්තාය.

දෙරණ මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් සහ අනුග්‍රාහක බවතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කරන ලදී