සිංහපාදයේදී චම්පික අන්තර්ජාලයට...!

සිංහපාදයේදී චම්පික අන්තර්ජාලයට...!

May 22, 2015  

Bookmark and Share
නවීකරණය කරන ලද විදුලිබල හා බලශක්ති ඇමති පාඨලි චම්පික චම්පික රණවක මහතාගේ වෙබ් අඩවිය අද නැවත වතාවක් දියත් කිරීම සීගිරිය සිංහපාදය අභියසදී අද පෙරවරුවේ සිදුවිය. එහිදී අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ තමන් 2001 මැයි මස 22 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දීම සනිටුහන් වූ අද වැනි දිනක් මේ සඳහා යොදාගැනීමට තීරණය කළ බවයි. එසේම සීගිරිය තෝරාගත්තේ එය ඓතිහාසික, තාක්ෂණික සාමාජයීය, ආගමික වශයෙන් මෙන්ම වාස්තු විද්‍යාව, යකඩ තාක්ෂණය ජලය හා ගොඩනැඟිලි ඉදිකිරීම් අංශවලින්ද වැදගත් ස්ථානයක් වන නිසා යැයිද හෙතෙම පැවසීය.

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස