කින්නියා උණුසුම් - අහසට වෙඩි
June 18, 2013 10:06 pm
කින්නියා කුට්ටිකරච්චි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර අද (18) සවස ඇති වූ උණුසුම්කාරී තත්ත්වයකින් පසු එය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබීමට සිදුව තිබේ.
චුන්නක්කාඩු කැලයෙන් දැව කපා බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබු කරත්ත 5ක් විශේෂ කාර්ය බලකාය විසින් සවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයින් ඊට විරෝධය පළ කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.
එහිදී විශේෂ කාර්ය බලකාය හා කරත්තවල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා ප්‍රදේශවාසීන් පිරිසක් ටයර් පුළුස්සා විරෝධතා පවත්වා ඇතැයි සඳහන්ය.
ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් පොලිස් විශේෂ කාර්ය බලකායට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර ඉන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තාවේ.
නීති විරෝධි අයුරින් චුන්නක්කාඩු රක්ෂිතයට ඇතුළු වී මොවුන් ගස් කපා ප්‍රවාහනය කර ඇති බව පොලීසිය කියයි.