පීපල්ස් ලීසිං සමාගමේ වයඹ පළාත්  ශාඛා ජාලය  පුළුල් කරයි

පීපල්ස් ලීසිං සමාගමේ වයඹ පළාත් ශාඛා ජාලය පුළුල් කරයි

June 5, 2013   10:36 am

(පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධීකාරී ඩී.පී. කුමාරගේ මහතා විසින් කරුණෑගල ශාඛාව විවෘත කළ අවස්ථාව. ඡායාරූපයේ පසෙකින් සිටින්නේ මහජන බැංකුවේ කුරුණෑගල අධිශ්‍රේණි ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු කේ.ජේ.අයි. ප‍්‍රනාන්දු මහතා, පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කරුණෑගල ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, පී.ඩී.එස්. මහානාම මහතා හා සාමාන්‍යාධීකාරී දමිත් මලතන්තිල මහතා (වම් කෙළවර) ය.)



පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ශාඛාවක් වාරියපොල නගරයේ විවෘතකිරීම හා එහි කුරුණෑගල ශාඛාව නව පරිශ‍්‍රයකට ගෙනයෑම පසුගියදා සිදු කෙරුණි.

එම නව ශාඛාවන් සමඟ වයඹ පලාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කෙරුණු ඇත. මෙම නව ශාඛා විවෘත කිරීමේ අවස්ථාවට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධීකාරී ඩි.පී. කුමාරගේ මහතා, සහකාර

සාමාන්‍යධීකාරී දමිත් මලවිතන්තිල මහතා හා මහජන බැංකුවේ කුරුණෑගල ප‍්‍රාදේශීය කළමනාකාරීනි චන්ද්‍රිකා නිස්සංකා මහත්මිය ඇතුළු ගනුදෙනුකාර භවතුන් රැසක් සහභාගී වූහ.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගම ලෙස පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පුළුල් පරාසයක් පුරා විහිදුණු මූල්‍ය සේවාවන් රැසක් තම ගණුදෙනුකරුවන්ට ලබාදීමට සූදානම්ව සිටී. ඒ අනුව ලීසිං හා කුලී සින්නක්කර, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ණය පහසුකම්, ක්ෂුද්‍ර මූල්‍ය සේවා, රථවාහන තක්සේරු සේවා, රක්ෂණ සේවා, ඉස්ලාමීය මූල්‍ය පහසුකම් යන සියලූ සේවාවන් කඩිනම්ව හා තරගකාරීව ප‍්‍රදේශීය ව්‍යවසායකයන්ට හිමිවනු ඇත.

නව ශාඛා විවෘතකිරීමේ අවස්ථාවට එක්වෙමින් පීපල්ස් ලීසින් ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප‍්‍රධාන විධායක/සාමාන්‍යාධීකාරී ඩී.පී. කුමාරගේ මහතා පැවසුවේ ප‍්‍රජා සත්කාරක සේවා සඳහා සමාගම වැඩි වශයෙන් යොමු වී තිබීමෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, යටිතල පහසුකම් හා පරිසරය සුරැකීමේ වැඩසටහන් ප‍්‍රජාව සමඟ අත්වැල් බැඳගනිමින් කි‍්‍රයාත්මක කරන බවත්ය.

"ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට නව තාක්ෂණය සහ පළපුරුදු සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉතා වැදගත්වනු ඇත. එමෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට අනුබද්ධිත ආයතනවන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, පීපල්ස් මයික්‍රෝෆිනෑන්ස් සමාගම, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගම හා පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් යන සමාගම්වල සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවා කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ හැකියාව ලැබීමත් මෙම ශාඛාවලින් ලැබෙන විශේෂිත ප‍්‍රතිලාභයක්" ඩී. පී. කුමාරගේ මහතා තවදුරටත් පැවසීය.