දන්සලෙන් කෑ 46ක් රෝහලේ

දන්සලෙන් කෑ 46ක් රෝහලේ

May 25, 2013   09:18 pm

බලපිටිය වතුගෙදර, සීනිගොඩ ප්‍රදේශයේ දන්සලකින් කෑ 46 දෙනෙකු රෝගීවීම නිසා බලපිටිය රෝහලටත්, වතුගෙදර ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර තිබේ.

ඊයේ රෑ දන්සලෙන් කා ඇති මෙම පිරිසගෙන් 25 දෙනෙකු බලපිටියේ රෝහලේත් ඉතිරි 21 දෙනා වතුගෙදර ග්‍රාමීය රෝහලෙත් මේවන විට ප්‍රතිකාර ලබන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.