සිරුරට ගිනි තබා ගත් හිමිනම අපවත්වෙයි
May 25, 2013 08:42 pm
ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගැනීම නිසා දැඩිලෙස පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.
දැඩි පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වූ බව ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසීය.
මහනුවර දළදා මාළිගාව ඉදිරිපිටදී ඊයේ දහවල් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ අතර පිළිස්සුම් තුවාල බරපතළ වූ බැවින් පසුව ගුවන් මගින් උන්වහන්සේ ජාතික රෝහලට රැගෙන එන ලදී.
ගව ඝාතනය වැළැක්වීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන ලෙස පෙර දැනුම්දීමෙන් පසු මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩ විසු පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිනම සිරුරට පෙට්‍රල් හලාගනිමින් ගිනි තබාගන්නා දර්ශන ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි.
සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.
වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම ගැනද විවිධ මත පළවිය.