අපේ රට වාර්තා පොත් අතර ඉන්නවා

අපේ රට වාර්තා පොත් අතර ඉන්නවා

May 25, 2013   05:10 pm

සියදිවි නසා ගැනීම්වලින් හා මත්පැන් පානයෙන් ලොව පළමු රටවල් 3 අතර ශ්‍රී ලංකාවද සිටින බව එජාප මන්ත්‍රී අජිත් පි. පෙරේරා මහතා පවසයි.

මතට තිත බව කියමින් වහසි බස් දෙඩුවද සැබෑ තත්ත්වය එය බව ඔහු කියයි.

මහනුවරදී ඊයේ ස්වාමින් වහන්සේ නමක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කර ගැනීම එසේ මෙසේ සිද්ධියක් නොවන බවත් ඊට අනුබල දුන්නේ කවුදැයි සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

‍එලෙස සිරුරට ගිනි තබා ගැනීම පිටුපස දේශපාලන බලපෑමක් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලිය යුතු බවද ඔහු කියයි.

1997 වසරේදී දණ්ඩ නීති සංග්‍රහයෙන් සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් වන වගන්ති ඉවත්කර ඇති නමුත් ඊට අනුබල දෙන පුද්ගලයින්ට දඬුවම් කළ හැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

කෙසේ වුවද කුඩු ජාවාරම, පාසල් අධ්‍යාපනයේ ගැටලු, ජීවන වියදම වැනි ප්‍රශ්න හමුවේ කිසිවෙකුත් මෙවැනි ආකාරයට සිය දිවි නසා ගන්නේ නැති බවද කොළඹදී අද (25) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩිදුරටත් පැවසිය.