රස පරීක්ෂක වරායට යයි

රස පරීක්ෂක වරායට යයි

May 25, 2013   05:07 pm

කොළඹ වරායේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා රජයේ රස පරීක්ෂකවරයා අද (25) එම ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ ඇතිවූ අදාළ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

කොළඹ වරායේ ගුදමක ඊයේ අලුයම එම ගින්න ඇති විය.