පැලියගොඩදී ගංජා සමග 3ක් කොටු

පැලියගොඩදී ගංජා සමග 3ක් කොටු

May 25, 2013   04:34 pm

කොළඹ පෑලියගොඩ ප්‍රදේශයේ දී ගංජා කිලෝ 27ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී සැකකරුවෙකුගේ නිවසක් තුළ සඟවා තිබූ බඳින තුවක්කුවක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් කඩවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දූෂණ මර්ධන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.