මහේස්ත්‍රාත් රියට ගිනි

මහේස්ත්‍රාත් රියට ගිනි

May 25, 2013   04:31 pm

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කරන නීතීඥ නිමල් මාරසිංහ මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

නිවසේ නවතා තිබූ මෝටර් රථයට ඊයේ රාත්‍රී ගිනි තබා ඇති අතර යාබද නිවසේ සිටි පිරිස් විසින් ගින්න මැඩපවත්වා ඇත.

එම අවස්ථාවේ දී නීතීඥ නිමල් මාරසිංහ මහතාගේ නිවසේ කිසිවෙකුත් සිට නොමැති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.