හෙළ උරුමය කිසිවක් දන්නේ නෑ
May 25, 2013 03:45 pm
මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩවිසූ පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබාගැනීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
මේ සම්බන්ධයෙන් සිය පක්ෂය දැනුවත් වූයේ නම් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකිව තිබූ බව උන්වහන්සේ පෙන්වාදෙයි.
මේ වගේ ජීවිත පූජාවක් කරනවා මීටත් වඩා සමාජ ප්‍රකම්පනයක් ඇති වන ආකාරයෙන් එය කරන්න තිබුණ බව ද උන්වහන්සේ පවසයි.
කෙසේ වෙතත් උන්වහන්සේ ජීවිත පූජාවෙන් කළ එම ක්‍රියාව ස්වල්ප කොට, විහිළුවක් කොට තැකිය නොකළ යුතු බව උන්වහන්සේ කියයි.
කෙසේ වුවද ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ බී.බී.සී. ලෝක සේවය සමග මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.
එහිදී උන්වහන්සේ පෙන්වා දී තිබුණේ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම යහපත් ආදර්ශයක් නොවන බවයි.
ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමය පක්ෂයේ සාමාජිකයෙකු බව පෙන්වා දී ඇති සෝභිත හිමියන් සඳහන් කර ඇත්තේ මෑතක් වන තෙක්ම උන්වහන්සේ සිය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.
ගව ඝාතනය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සියදිවි නසා ගැනීමට උත්සාහ ගන්නා ලදී.
මේ අතර ගව ඝාතනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් තමන් වහන්සේ විසින් දැනටමත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව ද අතුරලියේ රතන හිමියන් පැවසීය.
අපි දැන් කතා කළ යුත්තේ මේ රටේ පාලකයින් සහ සියලු දෙනා මීට සංවේදී වී නීති විරෝධී ඝාතනය සම්පූර්ණයෙන් නැවැත්විය යුතු බව යැයිද උන්වහන්සේ අවධාරණය කළේය.
සිරුරට ගිනිතබා ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ භික්ෂූන් වහන්සේ තවදුරටත් ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.