දියවන්නා වෙසක් කලාපය නිසා විශේෂ රථවාහන සැලැස්මක්
May 25, 2013 02:47 pm
බත්තරමුල්ල දියවන්නා වෙසක් කලාපය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
මාලබේ දෙසට ගමන් කරන වාහන පාර්ලිමේන්තු වටරවුමේ සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ඔස්සේ ගමන් කළ හැකි බව පොලීසිය පැවසුවේය.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ඔස්සේ පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන වාහන රොබට් ගුණවර්ධන මාවතෙන් බත්තරමුල්ල - මාලඹේ ප්‍රධාන මාර්ගයට පිවිස පාර්ලිමේන්තු වටරවුම දෙසට ගමන් කළ හැකිය.
මාලබේ සහ කොළඹ අතර දෙපසට ගමන් ගන්නා වාහන ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත භාවිත නොකර බත්තරමුල්ල නගරය තලංගම නගරය හරහා මාලබේ ප්‍රධාන මාර්ගය භාවිතා කළ යුතු බව පොලීසිය කියයි.