අපි යන්නේ නැද්ද....?

අපි යන්නේ නැද්ද....?

February 26, 2015  

Bookmark and Share
දඹුල්ල, පැල්වෙහෙරේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ලොකු ලූණු බීජ ගොවිපොළ භූ‍මියේ අක්කර 35ක් පසුගිය රජයෙන් පෞද්ගලික හෝටල් ව්‍යාපෘතියකට පවරා ඇතැයි කියමින් ගොවීන් පිරිසක් අද (26) දඹුල්ල - හබරණ මහාමාර්ගය අවහිර කරමින් මාර්ගයේ වාඩිවී විරෝධතාවයක නිරත වූහ.

මේ හේතුවෙන් සීගිරිය, හබරණ, අවුකන, පොළොන්නරුව ප්‍රදේශවලට යෑමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් රැගත් වාහනද සෙසු වාහනද කිලෝමීටර් ගණනක් දිගට පාරේ නතර වී තිබූ අයුරු දැකගත හැකිවිය. රියදුරන් හා මගීන් උද්ඝෝෂකයන් පාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරන අයුරුද කැමරාවට හසුව තිබුණි.

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස