ගුරුවරු තිදෙනාට ඇප!

ගුරුවරු තිදෙනාට ඇප!

May 25, 2013   11:54 am

වාලච්චේනේ මුස්ලිම් පාසලක 14 හැවිරිදි සිසුවෙකු දියේ ගිළි මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම පාසලේ ගුරුවරුන් තිදෙනෙකු ඇප මත මුදාහැර ති‍බේ.

එම විද්‍යාලයේ ශිෂ්‍යභට බලකායට සම්බන්ධ සිසුන් පිරිසක් ඊයේ වාලච්චේන පොතාන ඇළේ පුහුණුවක නිරත වෙමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස දියේ ගිළී මියගොස් ඇති බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය ගුරුවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වාලච්චේන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත.

බදුර්දින් මොහොමඩ් සයිෆ් නැමැති ළමයෙකු එසේ දියේ ගිළී මියගොස් තිබුණි‍.