හිමිනම බේරා ගැනීමට මාධ්‍යවේදීන්ට ඉඩ තිබුණා නොවේද?

හිමිනම බේරා ගැනීමට මාධ්‍යවේදීන්ට ඉඩ තිබුණා නොවේද?

May 25, 2013   11:14 am

මාධ්‍ය සදාචාරය සම්බන්ධයෙන් සියලු මාධ්‍ය අතර එකඟතාවක් ඇති කර ගත යුතු බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා පවසයි.

ඇතැම් සිදුවීම් වාර්තා කිරීමට පෙර එය වළක්වා ගැනීම සදහා ජනමාධ්‍යවේදීන් ද පියවර ගත යුතු බව ඔහු පෙන්වාදෙයි.

භික්ෂූන්වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවිනසා ගැනීමට දැරූ උත්සාහය පිළිබද ඇතැම් මාධ්‍ය වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චරිත හේරත් මහතා මේ බව පැවසීය.

තමන්ට ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇතැයි පවසා විශාල ව්‍යවසනයක් සිදුවෙන්න හැර පටිගත කිරීම මාධ්‍ය සදාචාරය තුළ නොගැලපෙන්නක් බව හෙතෙම පෙන්ව‍ාදෙයි.

එසේම තමන් සියදිවි හානිකර ගන්නා බව පවසා එය වාර්තා කරන්න එන්න යැයි කී විට කළ යුත්තේ වහා ඒ ගැන වහා පොලීසියට දැන්වීම මිස එය පටිගත කර චිත්‍රපටයක් මෙන් විකාශය කිරීම නොවන බව ඔහු පෙන්වාදෙයි.

මෙවැනි සිද්ධීන් ගැන රජය පැත්තෙන් කතා කළොත් ප්‍රවෘත්තිවල ස්වාධීනත්වයට බාධා කළා යැයි චෝදනාවද එල්ල වන බව හෙතෙම කියයි.