තුන් රෝදයෙන් කංසා ඇදලා

තුන් රෝදයෙන් කංසා ඇදලා

May 25, 2013   10:02 am

පොලීසිය එම කංසා තොගය පරික්ෂා කරන අයුරු - (ඡායා රූ - ගාමිණි ඔබේසේකර)

තණමල්විල සිට ත්‍රීරෝද රථයකින් කංසා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොළොන්නරුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේ දී සැකකරු පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

එහි තිබී කංසා කිලෝග්‍රෑම් 08ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.