රසායනික අනතුරු නිවාරණයට ජගත් සංවිධානයේ සහය
May 25, 2013 09:16 am
රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඇති වන අනතුරු නිවාරණය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හදුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.
මෙරට රසායනික කර්මාන්ත දහසක් පමණ පවතින අතර එහිදී සිදු වන අනතුරු නිවාරණය සදහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුව තිබුණි.
ඒ අනුව ජිනීවා මූලික කරගත් එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන යටතේ ක්‍රියාත්මක සංවිධානයක් විසින් අදාළ වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 28ක පමණ මුදලක් ලබා දී ඇත.
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විසින් ඊට අදාළ යෝජනාවලියක් සකස් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.