පිළිස්සුම් තුවාල ලත් තරුණියක් ජාතික රෝහලේදී මියයාම ගැන විමර්ශනයක්

පිළිස්සුම් තුවාල ලත් තරුණියක් ජාතික රෝහලේදී මියයාම ගැන විමර්ශනයක්

May 25, 2013   09:05 am

පිළිස්සුම් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි 23 හැවිරිදි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඌරගස්මංහන්දිය, කෝරතින ප්‍රදේශයේ දී පසුගිය 20 වැනිදා අදාළ කාන්තාව පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විවාහක කාන්තාවක් වන ඇය ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ මියගොස් තිබුණි.

පිළිස්සීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ අද දිනයේ සිදු කෙරෙන බව පොලීසිය පැවසුවේය.