අලි කුලප්පුවෙන් 24ක් රෝහලේ
May 25, 2013 08:56 am
බදුල්ල, මුතියංගන රජමහා විහාරස්ථාන පෙරහැරේ ගමන් කළ අලියෙකු කුලප්පුවීමෙන් පෙරහැර නැරඹිමට පැමිණි 24 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ රාත්‍රී 10.40ට පමණ වැලිබෝධිය අසලදී මෙය සිදුව ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් 14 දෙනෙකු සහ කුඩා පිරිමි ළමයෙකු ද වේ.
ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
කුලප්පු වූ අලියා නිර්වින්දනය කර පාලනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.