හිමිනමට බරපතළයි - ගිනි තියාගන්න ආධාර කළේ කවුද?
May 25, 2013 08:33 am
සිරුරට ගිනිතබා ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ භික්ෂූන් වහන්සේගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ.
මේවන විට භික්ෂුන් වහන්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව අද (25) උදෑසන කළ විමසීමකදී එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඊයේ දහවල් සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කළ හිමිනම ගුවන් මගින් ජාතික රෝහලට රැගෙන එන ලදී.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මහනුවර ශ්‍රී සුගත පුරාණ විහාරයේ වැඩ විසු පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ය.
ගව ඝාතනය වැළැක්වීම, බෞද්ධයින් අන්‍යාගමිකකරණය වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටුකරන ලෙස පෙර දැනුම්දීමෙන් පසු අදාළ හිමිනම ගිනි තබා ගන්නා දර්ශන ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි.
සිරුරට ගිනි තබා ගැනීමට පෙර එම හිමිනම ඒ පිළිබඳ අදාළ මාධ්‍ය වෙත දැනුම් දී ඇති අතර ඔවුන් ඒ අනුව සිද්ධිය රූපගත කර තිබුණි.
වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා වහන්සේ අභියස සිදුවූ මෙවැනි ඛේදජනක සිද්ධියක් සිදුවීමට ඉඩක් නොදී එය වළක්වා ගැනීමට රැස්ව සිටි පිරිසට නොහැකි වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වේ.
මේ අතර එම හිමිනමට පෙට්‍ර්ල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර පොලීසිය පැවසීය.