සරත් එන් සිල්වා සෝමාවතියට
May 24, 2013 06:43 pm
සේරුවිල රජමහා විහාරස්ථානයත් සෝමාවතිය රජමහා විහාරස්ථානයත් යා කරමින් ඉදි වූ නව මාවත හෙට (25) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතව තිබේ.
හිටපු අගවිනිසුරු ආචාර්ය සරත් එන් සිල්වා මාවත නමින් එය නම් කර ඇතැයි සඳහන්ය.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 400කි.
ඒ අනුව මහවැලි ගඟ හරහා බැඳ ඇති පාළම හෙට පෙරවරු 9.30ට යෙදෙන සුබ මොහොතින් විවෘත කිරීමට නියමිත අතර එම මාවත හෙට පෙරවරු 11.00ට යෙදෙන සුබ මොහොතින් විවෘත කෙරෙනු ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම මාවත ඉදිකර තිබේ.
බුදුන් වහන්සේගේ ලලාට ධාතුව සේරුවිලත්, බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව සෝමාවතියෙත් තැන්පත් කර ඇති බව කියැවෙයි.