ගව ඝාතනයට එරෙහිව හිමිනමක් සිරුරට ගිනි තබාගනියි

ගව ඝාතනයට එරෙහිව හිමිනමක් සිරුරට ගිනි තබාගනියි

May 24, 2013   12:24 pm

ගව ඝාතනයට විරෝධය පළ කරමින් මහනුවර දළදා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී ස්වාමින් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම නිසා බරපතළ පිළිස්සුම් තුවාල සහිතව මේවන විට මහනුවර මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අද (24) පෙරවරු 11.30ට පමණ මෙලෙස උන්වහන්සේ සිරුරට ගිනි තබාගෙන ඇතැයි අප වාර්තාකරු පවසයි.

ළඟ තිබූ හැඳුනුම්පතක් පරික්ෂා කිරීමේදී උන්වහන්සේ කහවත්ත පෝරඹේ විහාරස්ථානයේ වැඩවසන හිමිනමක් බවට පොලීසිය විසින් අනන්‍යතාවය තහවුරු කරගෙන ඇත.

අනතුරුව උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.