වරායේ ගින්නට හේතුව හොයයි- භාණ්ඩ ගැන තොරතුරු දැන ගැනීමට දු.ක. අංක 2ක්
May 24, 2013 11:29 am
කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථාන අංක එකෙහි රඳවා තිබු මෙරටට ආනයනය කරන ලද භාණ්ඩ පිළිබඳ තොරතුරු, ගනුදෙනුකරුවන්ට ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් විමසීම් කවුළුවක් ස්ථාපිත කර තිබේ.
කොළඹ වරායේ සේවා සැපයුම් කොට්ඨාසයේ ස්ථාපනය කර ඇති මෙම විමසීම් කවුළුවට අමතරව 0718 688 361 සහ 2 48 25 79 යන දුරකථන අංක ඔස්සේ ද අදාළ භාණ්ඩ පිළිබඳ විස්තර ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
කොළඹ වරායේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථාන අංක එකෙහි අද අලුයම ගින්නක් හටගත් අතර අද උදෑසන වන විට ගින්න සම්පුර්ණයෙන් පාලනය කිරීමට ගිනි නිවන ඒකක සමත් විය.
ගින්නෙන් සිදුවු හානිය පිළිබඳ තක්සේරු කිරීම සඳහා මේවන විට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
එමෙන්ම ගින්න ඇති වීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් ද මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.