කොළඹ වරායේ ගින්නක්
May 24, 2013 07:08 am
කොළඹ වරායේ ගින්නක් හටගෙන තිබේ.
අද (24) අලුයම 1.00ට පමණ වරායේ ගුදමක මෙම ගින්න හටගෙන ඇති බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
වරාය අධිකාරියේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව, කොළඹ නගර සභාව, යුද හමුදාව මැදිහත් වී මෙම ගින්න මැඩපැවැත්වීමට පියවර ගත් බව හෙතෙම කීවේය.
ගින්න ඇති වීමට හේතුව කුමක්ද යන්න සොයා බැලීම සඳහා කඩිනම් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඔහු පැවසීය.
ගින්නට හසුවූ ගුදම තුළ පැවති භාණ්ඩ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අද දිනය තුළ ගන්නා බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා කීවේය.
දේශීය බහලුම් නිශ්කාෂණය කිරීමේ ගුදම් අංක 1ක මෙලෙස ගින්නට හසුව ඇතැයි ඔහු පැවසුවේය.
එම ගුදමේ තිබූ සියලු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු පරිගණක ගත කර ඇති බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ කඩිනම් කිරීමට පහසුවනු ඇතැයිද හෙතෙම පෙන්වාදුන්නේය.