මහත්වරුන්ගේ ක්‍රීඩාව!

මහත්වරුන්ගේ ක්‍රීඩාව!

January 30, 2015  

Bookmark and Share
රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිරුව ගෘහස්ථ විදුලි උපකරණ යොදාගෙන වියළන අයුරු අද (30) දැකගැනීමට හැකිවිය. මේ දිනවල ශ්‍රීලංකාව සහා බංගලාදේශ 19න් පහල කණ්ඩායම් දෙක අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වේ. ඊයේ (29) දින ඇතිවූ වර්ෂාව නිසා තණ තීරුව තෙමී ඇත. අද තරඟය පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත ව තිබුණද තෙතමනය නිසා පෙ.ව 11 වනවිටත් වියළි නොතිබිණ.ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක ගෘහස්ථ විදුලි උපකරණ යොදාගෙන තණතීරුව වියළීම පිළිබඳව විදේශ රටවල ක්‍රීඩකයින් පුදුමයෙන් බලාසිටි බව අප වාර්තාකරු පැවසීය.

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස