හිඟ වැටුප් ඉල්ලා වැස්සෙත් අරගල...!

හිඟ වැටුප් ඉල්ලා වැස්සෙත් අරගල...!

November 25, 2014  

Bookmark and Share
‍ විදුහල්පතිවරුන් ගේ සහ ගුරුවරුන්ගේ හිඟ වැටුප් ඉල්ලා අම්පාර දිස්ති‍්‍රක්කයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද සවස 2.30 ට පමණ අම්පාර නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය. අම්පාර ඔරලෝසු කණුව අසල විරෝධතා ව්‍යාපාරයේ නියැළි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අම්පාර රීගල් හන්දිය දක්වා පෙල පාලියකින්ද ගමන් කරනු ලැබීය. උසස්වීමි වහා ලබා දෙනු, නව ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක කිරීමට චක‍්‍ර ලේඛනයක් නිකුත් කරනු, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ හිඟ වැටුප් වහා ලබාදෙනු යන විවිධ නාම පුවරු ඔවුන් අතර විය. මෙම විරෝධතා ව්‍යාපාරයට ගුරුවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ඡායා රූ - වසන්ත චන්ද්‍රපාල