දඩ මස් වෙනුවට බලු මස්.....

දඩ මස් වෙනුවට බලු මස්.....

September 30, 2014  

Bookmark and Share
හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ දඩ මස් විකුණන ජාවාරමක තොරතුරු මත හම්බන්තොට වනජීවි නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී හම්බනතොට, තම්මැන්නා වැව් රක්ෂිත ප්‍රදේශයේ තිබී මුව මස් සමඟ සුනඛයින්ගේ මස් හා ඇට සැකිලි තොගයක් හමුවී තිබේ.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව එම නිලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් ‍කළේය.

ඇඹිලිපිටිය, හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාම, තංගල්ල අවට ප්‍රදේශවලට සුනඛ මස් හා දඩ මස් මෙලෙස විකුණා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

ඡායා රූ - රාහුල් සමන්ත