ගමක් හදන ගැමිදිරියට ඉඩක් දෙන්න....

ගමක් හදන ගැමිදිරියට ඉඩක් දෙන්න....

September 29, 2014  

Bookmark and Share
නුවරඑළියේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ දිවයින පුරා අදියර තුනක් යටතේ ක‍්‍රියාත්මක වෙමින් පැවති ගැමිදිරිය වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස බලකරමින් නුවරඑළිය ගැමිදිරිය ප‍්‍රතිලාභීන් විශාල පිරිසක් නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භකර තිබේ.

2018 වසර දක්වා සැලසුම්කර තිබූ මෙම ගැමිදිරිය වැඩසටහන අදියර දෙකක් සාර්ථකව අවසන් කර ඇති බවත්, තුන්වන අදියරය ක‍්‍රියාත්මක නොකර දෙවන අදියරයෙන් එය නතර කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් උද්ඝෝෂකයින් අවධාරණය කරයි.

දැනට ක‍්‍රියාත්මක කර අවසන් කර ඇති ගැමිදිරිය අදියර දෙකෙන් ග‍්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන් සහ කාන්තාවන් විශාල වැඩකොටසක් සිදුකර ඇති බවත්, එය නතර කිරීම ඉතා අසාධාරණ බවත් උද්ඝෝෂණයේ නියැලී සිටින ගැමිදිරිය ප‍්‍රතිලාභීන් අවධාරණය කර සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් ‍කළේය.

අද උදෑසන 11.00 ට පමණ නුවරඑළිය නගරසභා ශාලාව අසළින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණය නුවරඑළිය තැපැල් කාර්යාලය දක්වා ගමන් කළ බව වාර්තා වෙයි.

එහිදී පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිටි උද්ඝෝෂකයන් රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතාට සහ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී. රාධාක‍්‍රිෂ්ණන් මහතාට සන්දේශයක් බාර දී තිබේ.

ඡායා රූ - රංජිත් රාජපක්ෂ