මේ අපරාධ වලට වගකිව යුත්තෝ කොහේද?

මේ අපරාධ වලට වගකිව යුත්තෝ කොහේද?

August 21, 2014  

Bookmark and Share
රිටිගල රක්ෂිතය තුළ වන සතුන් දඩයම, වැලි ජාවාරම හා දැව ජාවාරම ජයටම සිදුවෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ පාරිසරික අතින් වැදගත් ස්ථානයක් හිමිවන රක්ෂිතයක්‍ ලෙස රිටිගල සැ‍ලකේ. උතුරු මැද පළාතේ අක්කර 7200ක පමණ භූමි භාගයක මෙය පිහිටා තිබේ. වසර 1500ක් පමණ පැරණි බෞද්ධාගමික ස්ථානයක් වන රිටිගල ආරණ්‍ය සේනාසනය (අරිට්ට පබ්බත) ද මෙම වනයේ පිහිටා ඇත

මෙයි වැලි ජාවාරම කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි නන්දන බන්නැහක මහතා සිදුකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කළත් ඔහු ප්‍රතික්ෂේප කරයි.

වැලි ජාවාරමට අමතරව දැව ජාවාරම ද රජයන මෙම රක්ෂිතයේ අහිංසක ගෝනා, මුවා, හාවා, මීමින්නා, වැලි මුවා වැනි සතුන් මිනිසුන්ගේ රස නහර පිනවීම පිණිස වෙඩික්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙමින් තිබේ. එසේ මරා දැමුණු සතුන් වෙඩික්කරුවන්ට ගෙනයාමට නොහැකිව තිබියදී කුණු වී ඇට සැකිලි ද මතුව ඇති අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.

ඡායා රූ - කාංචන කුමාර ආරියදාස