රාමසාන් සමග අමෙරිකානු විරෝධය...
July 29, 2014
ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද (29) ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය සමරයි. මුහම්මද්තුමාගේ ඉගැන්වීම්වලට අනුව මාසයක් පමණ ආගමානුකූලව උපවාසයේ යෙදීම, අධ්‍යාත්මික වටිනාකම් ගැන ගැඹුරින් අවධානය යොමු කිරීම, යාඥාව හා කැපවීම වැනි ආගමික පිළිවෙත්වල යෙදීමේ ශුද්ධ වු කාලසීමාවක අවසානය වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් කාත්තන්කුඩි වෙරළ තීරයේදී අද උදෑසන මෙසේ දිස්විය.
මේ අතර මෙම උත්සවය අවසන් වීමෙන් පසු කාත්තන්කුඩියේ මුස්ලිම් වැසියන් ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද ගැටුම් වහා නිම කළ යුතු බව කියමින් අමෙරිකානු හා ඊශ්‍රායල කොඩි බිම දමා පාගමින් විරෝධතාවයකද නිරත විය.ගාසා තීරයේ සටන් නතර කිරීමට අමෙරිකාව හා ඊශ්‍රායලය වහා පියවර ගත යුතු බවද විරෝධතාකරුවෝ කියා සිටියහ. අනතුරුව ඔවුන් අමෙරිකානු හා ඊශ්‍රායල ධජ වලට ගිනි තබන අයුරු ද දැක ගත හැකි විය.