පාපැදිකරු එතනමයි......

පාපැදිකරු එතනමයි......

July 24, 2014  

Bookmark and Share
අම්බලන්ගොඩ, පෝරම ප්‍රදේශයේ අද(24) සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අම්බලන්ගොඩ ඩිපෝවට අයත් ලංගම බස් රථයක් පාපැදියක පැදියක ගැ‍ටීමෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත් වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ 69 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පෝරම වලව්වේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන බව වාර්තා වෙයි.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ති‍බේ.

අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඡායා රූ - දීපාල් ද සිල්වා