ධීවර අමාත්‍යංශය වාර්තාවක් තබයි

ධීවර අමාත්‍යංශය වාර්තාවක් තබයි

February 15, 2013   06:27 pm

පසුගිය වසරේදී මත්ස්‍ය අපනයනය තුළින් රුපියල් මිලියන 26,363ක වාර්තාගත ආදායමක් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් උපයා තිබේ.

එය 2011 වර්ෂයට වඩා සියයට 21 ක වැඩිවීමක් බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම මත්ස්‍ය නිෂ්පාදන ආනයනය ගෙවී ගිය වසර කිහිපය තුළ ක්‍රමානුකූලව අඩුවී ඇති බව ද ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසුවේය.

ඒ අනුව 2010 වර්ෂයේදී මත්ස්‍ය නිෂ්පාදන මෙට්‍රික් ටොන් අසූදහස් දහතුනක් ආනයනය කර තිබුණ ද පසුගිය වසරේදී මෙට්‍රික් ටොන් 71,413 දක්වා සියයට 13 කින් එය අඩුකර ගැනීමට හැකීවී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර ඉදිරි වර්ෂ කිහිපය තුළ කරවල, උම්බලකඩ මෙරටදීම නිෂ්පාදනය කරමින් සැමන් ටින් කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය රාජ්‍ය සහයෝගය ලබා දී ඔවුන් දිරි ගැන්වීමට කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.