ඉන්දියාව එංගලන්තයත් පාකිස්තානය නවසීලන්තයත් පරදවති

September 23, 2012   11:00 pm

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 170ක් ලබා ගන්නා ලදී.

එහෙත් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 14.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 80ක් පමණි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 90ක විශිෂ්ට ජයක් හිමිවිය.

මේ අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 13 ක ජයක් ලබා ගැනීමට පකිස්තානු කණ්ඩායම සමත්විය.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 164කී.