Sri Lanka
May 23, 2013  06:04:AM

මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ යකා නැටූ 4ක් මාට්ටු

September 23, 2012  09:22 pm

Bookmark and Share
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත්, තරගය නැරඹීමට ඉඩ නොදීමත් හේතුවෙන් කුපිත වු ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඊයේ (22) කලහාකාරි ලෙස හැසිරී ඇත.

ඒ අනුව ගල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් තිදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

ඔවුන්ගෙන් එක් අයෙකු සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද අනාවරණය වී තිබේ.

ඊයේ (22) පැවැති තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 32ක පරාජයක් අත්විය.

එසේම මෙම තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර නොදීම නිසා යැයි පවසමින් එම ප්‍රදේශයේම පිරිසක් ක්‍රීඩාංගණයෙන් පිටත කලහකාරී ලෙස හැසිරී ක්‍රීඩාංගණයේ දේපළවලට අලාභහානි කර ඇතැයි සඳහන්ය.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.