කොන්ක්‍රීට් තට්ටුව කඩාවැටි අලියා අවසන් ගමනේ

September 23, 2012   05:14 pm

අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේ වැසිකිළිවලකට වැටීමෙන් වන අලියෙකු මරණයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රී (22) මෙම වන අලියා වැසිකිළි වල ආවරණය කර තිබූ කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් ඒ තුළට වැටී ඇත.

වනජීවී නිලධාරීන් බැකෝ යන්ත්‍රයක අධාරයෙන් මියගොස් සිටි වන අලියාගේ සිරුර ගොඩට ගෙන තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම වන අලියා අදා‍ළ ප්‍රදේශයේ සැරිසැරූ බව ප්‍රදේශවාසී හූ පවසති.