සයුරෙන් එතෙර

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මැරීමට ඩොලර් ලක්ෂයක්

September 23, 2012   04:22 pm

ඉස්ලාම් ආගමට අපහසවන ආකාරයේ චිත්‍රපටයක් නිපදවූ අධ්‍යක්ෂකවරයා ඝාතනය කරන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට පකිස්තානු රජයේ අමාත්‍යවරයෙකු තීරණය කර තිබේ.

පකිස්තානු දුම්රිය අමාත්‍ය ගුලාම් අහමඩ් බිලවුර් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පවසා ඇත.

පෞද්ගලිකව මෙම ත්‍යා‍ගය ලබාදීමට තමා ඉදිරිපත්ව සිටින බව ඔහු පෙන්වා දී තිබේ.

ත්‍රස්ත්‍ර සංවිධාන වන තලෙයිබාන් සහ අල්කයිඩා සංවිධානවලට ද ආදළ අධ්‍යක්ෂකවරයා ඝාතනය කිරීමට ආරාධනා කරන බව අමාත්‍යවරයා පවසා ඇත.

ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයට නිපදවා ඇති බව කියන අදාළ චිත්‍රපටය හේතුවෙන් ‍ලෝකයේ බොහෝ රටවල වෙසෙන මුස්ලිම් ජනතාව විරෝධතාවල නිරතවී සිටිති.

අමෙරිකානු ජාතිකයෙකු අදාළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇති බව කියමින් විරෝධතාකරුවන් ‍බොහෝ රටවල අමෙරිකානු තානාපති කාර්යාලවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තාවෙයි.