වනජීවි නිලධාරීන්ට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

September 23, 2012   04:10 pm

වනජීවී නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු‍ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරුවන් අද (23) දිනයේ බලංගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නි‍යෝග කර ඇති බව සඳහන්ය.

බලංගොඩ, දියවින්න ප්‍රදේශයේ වලවේ ග‍ඟෙහි අනවසරයෙන් මැණීක් ගැරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී වනජීවී නිලධාරීන්ට මොවුන් දෙදෙනා පහර දී තිබේ.

හදගිරිය වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන වනජීවී නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර මේ වන විට එක් නිලධාරියෙකු තුවාල ලබා වැලිගෙපොළ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.