තායිලන්තය පැරදු ශ්‍රී ලංකාවට ජය

September 23, 2012   03:55 pm

ෂැංහයි සත් සාමාජික රග්බි තරගාවලියේ දී තායිලන්තය 22ට 7ක් ලෙස පරාජයට පත් කරමින් එහි පළඟ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

මෙම තරගයේ ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම පළමු වටය අවසන් වන විට ලකුණු 17-7 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ගෝලයකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු රැස්කරන ලදී.

එහිදී ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් දෙකක් ද, කණ්ඩායමේ නායක ෆාෂීල් මරීජා සහ දිනූෂ චතුරංග උත්සාහක දිනුම බැගින් ද ලබා ගැනීමට සමත් වූහ.