මේක පෞද්ගලික ජයක් කියා හිතන්න එපා

September 23, 2012   03:00 pm

මෙවර පළාත් සභා මැතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් බවට පත් කිරීමට සියලු දේශපාලන නියෝජිතයින් කැපවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙවර ලබාගත් ජයග්‍රහණය පෞද්ගලික ජයග්‍රහණයක් නොවන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

පසුගිය පළාත් සභා මැතිවරණයේ දී උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවල ජයග්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් සමඟ අද (23) පෙරවරුවේ පැවති සුහද හමුවකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට නම් සියලු දෙනා එකාවන්ව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී ඇත.

මෙම අවස්ථාවට උතුරු මැද හා සබරගමුව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ දේශපාලන නියෝජිතයින් ද සහභාගී වි සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.